මප/විල්/හඳුන්ගමුව මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

නායකත්ව පුහුණු වැඩමුළුව 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

උතුරින් හා බටහිරින් ගම්මානයත් වස්ගමුව තුරුගොමුවත්, සුදුකන්ද කඳු පවුරත් දකුණින් එකේ ඇළ වැව් තාවුල්ලලත් නැගෙනහිරින් මිනිපේ ඇල හා කුඹුරු වෙල් යායකින් වටවූ සඳුන් ගස් තිරයකින් සමන්විත රමණීය බිම් කඩක අප පාසල මුලින්ම ආරම්භ කර ඇත.

වර්ෂ එක්දාස් නවසිය හැත්තෑවේ මාර්තු 20 දින හදුන්ගමුව පුරවරයට තව ආලෝකයක් දෙමින් ළමුන් 26 දෙනෙකුගෙන් සමන්විත ස්වේච්ඡාවෙන් අධ්‍යාපනය ලබා දීමට ගුරු තනතුරට පත්වූ එච්.එම්. කුසුමාවතී හිටිගෙදර ගුරුතුමිය මුල් ගුරුතුමිය වශයෙන් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු කර ගෙන යන ලදී. එක්දාස් නවසිය හැත්තෑවේ  දශකයේ යම් දිනක බී.ඩී.එම් කපිලරත්න මහතාගේ ලේකම් ධුරයෙන් සමන්විත ප්‍රභූ පිරිසක් විසින් ග්‍රාම සංවර්ධන සමිතිය පිහිටුවා ගෙන පාසලක් ආරම්භ කිරීමට යෝජනා හා සාකච්ඡා කරන ලදී. එහි ප්‍රතිඵළයක් ලෙස කැලෙන් කපාගත් ගෙඩි ලී වලින් හා වහලයට ඉලුක් සෙවිලි කර එය ආවරණයට කටුමැටි භාග බිත්තියක් බැඳ සමූපකාර ඉඩමේ‍ සමූපකාරයට සම්බන්ධ කර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. එහිදී අප පාසල් මුල්ම වරට ආරම්භ කරන ලදී.

පසුව 1970 වන විට ගමේ සිටින  ප්රභූ පිරිසක් දායකත්වයෙන් නැවත සඳුන් තුරු ගොමුවකින් පිරී  බිම්කඩක පාසල් ගොඩනැගිල්ලක්ක් ඉදිකිරීමට කටයුතු  කළහ. කැලෙන් කපාගත් ගෙඩි ලී හා වහලයට පොල් අතු බැඳ කටුමැටි බිත්තියක් බැඳ බිමට ගොම මැටි ගා සකසා ගන්නා ලදී.

1970.11.18 දින පාසල්වල ආරම්භක දිනයේ ම මධ්‍යම පළාතේ අධ්‍යාපන නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන අධ්‍යාපන නිලධාරී, මාණ්ඩලික අධ්‍යාපන නිලධාරී, ඉඩම් නිලධාරී හා ජනපද නිලධාරී ඇතුළු සම්භාවනීය අමුත්තන්  පිරිසකගේ සහභාගීත්වයෙන් නව හදුන්ගමුව විදුහල ආරම්භ කරන ලදී.

පාසලට ඇතුළත් කරගත් සිසුන් සංඛ්‍යාව හතළිස් පහක් වන අතර මුල් ගුරු වශයෙන් රජයෙන් පත්කර එවන ලද එල්.එච්.ජයසුන්දර මහතාත් ස්වේච්ඡාවෙන් ඉගෙනුම් කටයුතු කරන එච්.එම්.කුසුමාවතී හිටිගෙදර ගුරු මෑණියන් ඉගැනුම් කටයුතු කරගෙන යන ලදී.  ඉන් පසු විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු යටතේ අප විදුමෑණියන් සංවර්ධනය වෙමින් ප්‍රාඥයන් රැසක් ලොවට දායාද කරමින් අනාගතය වෙත යාත්‍රා කරමින් සිටී.

 

ආරම්භ කළ වර්ෂය

1970 මාර්තු 20

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

4

මුල් ගුරුතුමාගේ නම

එච්.එම්. කුසුමාවතී හිටිගෙදර

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හඳුන්ගමුව විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1970/11/18

පාසල පැවැත්වූ ස්ථානය

සමූපකාර ඉඩමේ‍ සමූපකාරයට සම්බන්ධ කර පාසල් ගොඩනැගිල්ල ඉදිකරන ලදී

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1970 මාර්තු 20