සඳුන් සිසිල දෙන තුරු ගොමු අතරින්
කිතු ගොස පතුරා සතර දෙසේ...
කසුන් තිලක ඇති උදාර තෙදයුරු
මහ විදුහල් මෑණිය වොරැඳේ...
මහා වැව් කෙත්වතු සයුරට සමවන
නව හැඟුමන් පෙර පුබුදින පෙරමග
අභිමානය පළකොට සිංහලයේ.....//
රන් දෙරණේ හද පුද තැබූවෝ...
සුපතල නාමය බැතියෙන් සුරකින
නැණයුරු සිසු කැල අභිනව ගමනක
ඔබ ආශිර්වාදය දින අගයමු....//
හෙළ දෙරණේ මතු දින විරුවෝ.
හඳුන්ගමුව මහ විදුහල් මෑණි.......
සැරදේ....වොරැඳේ....
සැරදේ....වොරැඳේ..... වොරැදේවා.....






