මප/විල්/හඳුන්ගමුව මහා විද්‍යාලය

නායකත්ව පුහුණු වැඩමුළුව 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

R.D.සිසිර සිරිවර්ධන

හඳුන්ගමුව මහා විද්‍යාලය  මධ්‍යම පළාතේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ පිහිටි සෑම අතින්ම විශිෂ්ටවත් ලෙස ඉදිරියට ගමන් කරන කලාපයේ දිදුලන පාසලක් ලෙස දැක්විය හැකිය.

අප පාසලේ දරුවන් කෘෂිකාර්මික,ග්‍රාමීය පසුබිමක හැදෙන වැඩෙන දරුවන් වුවද ලෝකය ජයගන්නට ධෛර්යයවන්තව මුහුණ දෙන පිරිසක් බව කිව යුතු බව ඔවුන් ලබා ඇති පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ තුළින්ද මනාව පැහැදිලි වේ.

අප පාසල තුළ තොරතුරුතාක්ෂණ විෂයද හය ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම ඉගෙන ගැනීමට අවස්ථාව ඇති අතර මෙම වෙබ් අඩවිය අප පාසල සමඟ අන්තරසම්බන්ධතා ගොඩනැගිය හැකි මනා සයිබර් කවුළුවක් ලෙස අර්ථ දැක්විය හැකියි.විද්‍යාලයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සඳහා  වෙබ් අඩවිය හා සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන ලෙසත් මෙකී සියලු කටයුතු වලදී අප වෙත සහයෝගය දුන් සැමට හදපිරි ප්‍රණාමය පුදකරමි. එසේම තව තවත් මෙම පාසල දියුණු වනු දැකීම මාගේ ඒකායන අපේක්ෂාව බවත් සිහිපත් කරමි.

 

 

R.D.සිසිර සිරිවර්ධන
විදුහල්පති
හඳුන්ගමුුවමහා විද්‍යාලය.